වර්ල්ඩ් කප් අස්සේ රෝහිත් ෂර්මා මැරෙන්න ගිහින්! ‌

වර්ල්ඩ් කප් අස්සේ රෝහිත් ෂර්මා මැරෙන්න ගිහින්! ‌

ලෝක කුසලානය අතරතුරදී ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා විසින් අධිවේගී මාර්ගයක සිය රථය අධික වේගයෙන් පැදවීම හේතුවෙන් දඩ ගසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී රෝහිත් මුම්බායි-පූනේ අධිවේගි මාර්ගය ඔස්සේ සිය ලැම්බෝගිනි රථය පැයට කිලෝමීටර් 200 ඉක්මවා ධාවනය කර ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇත.

එක් අවස්ථාවකදී එය පැයට කිලෝමීටර් 215 ඉක්මවා ගොස් ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ අනුව, පොලිස් නිලධාරීන් යෝජනා කර ඇත්තේ කණ්ඩායමේ සාමාජිකයින් සමග ඔහුටද පොලිස් ආරක්ෂාව යටතේ නිල බස් රථයේ ගමන්කරන ලෙසටය.

ඔහු මෙම සිදුවීමට මුහුණ පෑ දිනය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් වාර්තා නොවන අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සතියේ සඳුදා හෝ අඟහරුවාදා දිනයක දී ඊට මුහුණ පා ඇති බවයි.