පුලතිසි දුම්රියට වන අලියෙකු බිලි

පුලතිසි දුම්රියට වන අලියෙකු බිලි

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ පුලතිසි දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් ඇති බව වැලි කන්ද වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

පොලොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද පුල්ලෙයාර්අඩි ප්‍රදේශයේදී මෙම වන අලියා දුම්රියේ ගැටී ඇතැයි වැලිකන්ද අඩවි ආරක්ෂක කේ.ඩී ජානක මහතා සඳහන් කළේය.

සෝමාවතිය රක්ෂිතයේ සිට මාදුරුඔය රක්ෂිතයට වන අලි රංචුවක් මාරු වීමේදී මෙම වන අලියා දුම්රියේ ගැටී ඇතැයි වනජීවී නිලධාරීන් සැක කරන අතර මෙම ස්ථානය අලි මාරු වන අලිමංකඩ ලෙසද හඳුන්වනු ලබන බවත් එම ස්ථානයේ දුම්රිය රියදුරන්ගේ දැනගැනීම සඳහා වේගය සීමා කරන ලෙස දැන්වීම් ගසා තිබුණද එය නොසලකා හැර දුම්රිය රියදුරන් දුම්රිය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙසේ වන අලි දුම්රියේ ගැටී මිය යෑම නිරන්තරයෙන් සිදුවන බව වනජීවි නිළධාරීන් අවධාරණය කරයි.

ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සිදුකිරීමට නියමිතව ඇති අතර දුම්රියේ ගැටුණු වන අලියා එම ස්ථානයේ මියගොස් ඇති අතර දුම්රියේ ගැටී මිය යෑමෙන් පසු එම අලියා ඉවත් කිරීම සඳහා පැය තුනක පමණ මෙහෙයුමක් දියත් කිරීමටද සිදු වූ බව වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

WhatsApp Image 2023 09 11 at 6.33.56 AM 1

 

 

Share This