ඩ්‍රෝන ප්‍රහාරයකින් සුඩානයේ 40 ක් මරුට

ඩ්‍රෝන ප්‍රහාරයකින් සුඩානයේ 40 ක් මරුට

සුඩානයේ අගනුවරවන කාර්ටූම් හි ජනාකීර්ණ වෙළඳපොළකට එල්ලවු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 60 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

කාර්ටූම් හි නගර දෙකක පාලනය නැවත ලබා ගැනීම සඳහා සුඩාන හමුදා විසින් පැරාමිලිටරි බළකාය ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වේ.

සුඩානයේ පසුගිය අප්‍රේල් මාසයේදී යුද ගැටුම් ආරම්භවීමෙන් පසු මිලියන පහකට පමණ මිනිසුන්ට තම නිවෙස්වලින් පලා යාමට සිදුවුණු අතර දහස් ගණනකට ජිවිත අහිමි වුණි.

ගැටුමෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇත්තේ කාර්ටූම් සහ ඩාර්ෆූර් හි බටහිර කලාපයයි.

එක්සත් ජනපදය, සෞදි අරාබිය සහ අනෙකුත් රටවල් ගැටුම අවසන් කිරීමට මැදිහත් වීමට උත්සාහ කළත් එය සාර්ථක නොවූ බවද විදෙස් මාධ්‍ය පවසයි.

Share This