web hit counter
අන්තර්ජාලය ඔස්සේ සජීවී ලිංගික දර්ශන බෙදාහැරි විවාහක යුවලක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ සජීවී ලිංගික දර්ශන බෙදාහැරි විවාහක යුවලක් අත්අඩංගුවට

සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරි විවාහක යුවලක් හොරණ කුඹුක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලිසිය පැවසුවේ මෙම සැකකාර යුවළ විසින් වයස අවුරුදු 16ත් 22ත් අතර තරුණ කොටස් ඉලක්ක කරමින් මෙම සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලය ඔස්සේ බෙදාහැර ඇති බවයි.

23 හැවිරිදි සැකකාරිය හා 25 හැවිරිදි සැකකරු ඊයේ (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )