බන්ධනාගාර නියාමක ඝාතන උත්සාහය වරදී

බන්ධනාගාර නියාමක ඝාතන උත්සාහය වරදී

ගාල්ල බන්ධනාගාරයේ රාජකාරිය කරන බන්ධනාගාර නියාමකවරයෙකු ගමන්ගත් බස් රථයකට වැලිගම නගරයේ දී කඩා වැදුණු පුද්ගලයින් කණ්ඩායමක් අතර සිටි එක් පුද්ගලයෙකු ටී-56 ගිනි අවියකින් බන්ධනාගාර නියාමකවරයාට වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහය බස් රියේ සිටි පිරිසගේ විරෝධය මැදිහත්වීම මත නූලෙන් වැළකී ගිය බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

කෙසේ වෙතත් පහර කෑමකට ලක් වූ මෙම බන්ධනාගාර නියාමකවරයා මාතර රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම බන්ධනාගාර නියාමකවරයා රාජකාරි කටයුතු අවසන් කර නිවස බලා යාමට බස් රථයකට ගොඩ වී ගමන් කරමින් සිටින අතර වාරයේ වැලිගම නගරයේ දී පුද්ගලයින් 6 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එම බස් රථයට ගොඩවී නියාමක වරයාට පහර දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම නානඳුන කණ්ඩායම අතරේ සිටි එක් පුද්ගලයෙක් ටී-56 ගිනි අවියකින් බන්ධනාගාර නියාමකවරයා ට වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන අවස්ථාවේ මගීන්ගෙන් ඊට දැඩි විරෝධතාවයක් එල්ල වූ නිසා එම පිරිස බස් රථයෙන් පැන පලාගොස් ඇතැයිද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

Share This