එක් පාසල් සිසුවෙකුට දිනකට ජලය ලීටර 20ක් පමණයි!

එක් පාසල් සිසුවෙකුට දිනකට ජලය ලීටර 20ක් පමණයි!

පාසල්වලට ලබා දී තිබෙන පානීය ජල පද්ධතියෙන් පිහිනුම් තටාකවලට නිල නිවාස හා ඉදිකිරීම් සඳහා ජලය සපයා ගැනිම අත්හිටුවීමේ චක්‍රලේඛයක් නිකුත් කිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය ජලාපවහන මණ්ඩලය සහ මහා භාණ්ඩාගාරය එක්ව සාකච්ඡා කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව පාසලක එක් සිසුවෙක් සඳහා දෛනිකව ජලය ලීටර් 20ක් පමණක් ලබාදීමට ජාතික ජල පවාහන මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ සදහා යන වියදම මහා භාණ්ඩාගාරය දැරීමට එකගඟ වී ඇත.

ඊට වඩා යම් ජල ප්‍රමාණයක් වැය වන්නේ නම් එහි වියදම් දැරීමට පාසල් සංවර්ධන කමිටුව කටයුතු කළ යුතු බවද ජාතික ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

 

Share This