බස් ගාස්තු සියයට 4කින් ඉහළට

බස් ගාස්තු සියයට 4කින් ඉහළට

ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමූ බවත් රුපියල් 30 ක අවම බස් ගාස්තුව වෙනස් නොවන බවත් ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එම බස් ගාස්තු සංශෝධනය අද (1) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව පැවසේ.

බස් ගාස්තු මිල සූත්‍රයට අනුව අවම ගාස්තු රුපියලකින් ඉහළ දැමිය යුතු වුවද එය ඉහළ නොදැමීමට බස් සංගම් නියෝජිතයන් ද එකඟ වී ඇති අතර සෙසු බස් ගාස්තු ද ඉතාම සුළු වශයෙන් ඉහළ යන බව ද පැවසේ.

Share This