ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල සම්බන්ධ තීරණයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල සම්බන්ධ තීරණයක්

ඩොලරයේ අගය අඩුවීමට සාපේක්ෂව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිත වන අමුද්‍රව්‍ය සහ උපකරණවල මිල අඩුකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (30) දින පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල ඉහළයාම හේතුවෙන් ඒ ආශ්‍රිත ජීවනෝපාය මාර්ග රැසක් ඇණහිට ඇති බවයි.

මේ අතර ඩොලරයේ අගයට සාපේක්ෂව වෙළෙඳපොළේ ඇති පාරිභෝගික ද්‍රව්‍යවල මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සොයාබැලීමක් සිදුකරන ලෙස වෙළෙඳ හා ආර්ථික, ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.