ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් දස දෙනා අතරට

ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් දස දෙනා අතරට

ලොව ධනවත්ම නළුවන් 10 දෙනාගේ ලැයිස්තුවේ මුල් නළුවන් සිවු දෙනා අතරට පත් වීමට බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ලැයිස්තුවේ පළමු ස්ථානය හා දෙවන ස්ථානය අමෙරිකාවේ ප්‍රහසන නළුවන් දෙදෙනෙකුට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ෂාරුක් ඛාන්ගේ වත්කම ඇමෙරිකන් ඩොලර් මිලියන 770 ක් බව ද පැවැසෙයි.

අවසන් වරට ෂාරුක් රංගනයෙන් දායක වූ ‘පඨාන්’ සහ ‘ජවාන්’ ඉහළ ආදායමක් ඉපැයූ බෝක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ බොලිවුඞ් සිනමා නිර්මාණයන්ය.

ෂාරුක්ගේ මීළඟ සිනමා නිර්මාණය වන්නේ, ප්‍රහසන චිත්‍රපටයක් වන ‘ඩුන්කි’ ය. ඩුන්කි රාජ්කුමාර් හිරානිගේ අධ්‍යක්ෂණයකි.

චිත්‍රපටය දෙසැම්බර් 22 වැනිදා තිරගත වීමට නියමිත බව පැවැසෙයි.

Share This