නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක් ගනී

නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක් ගනී

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියක් සඳහා භාවිත කිරීමට අනුමැතිය ලබාදුන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, එහි ඉදිරි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ, තැපැල් කාර්යාලය සඳහා විකල්ප ස්ථානයක් ලබා දීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි.