ජෙරොම් රඳවා සිටින රිමාන්ඩ් වාට්ටුවෙන් දුරකතන සහ සිම්කාඩ් තොගයක් සොයාගනී

ජෙරොම් රඳවා සිටින රිමාන්ඩ් වාට්ටුවෙන් දුරකතන සහ සිම්කාඩ් තොගයක් සොයාගනී

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු රඳවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයේ ‘ජී’ වාට්ටුවේ සහ ‘එච්’ වාට්ටුවේ සිදු කළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 33ක් සහ සිම්පත් 35ක් සොයාගැනීමට බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සමත් වී තිබේ.

අධිකරණ නියෝගයකට අනුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ද පසුගියදා (01) සිට මැගසින් බන්ධනාගාරයේ ‘ජී’ වාට්ටුවේ රඳවා සිටී.

පසුගිය 02 වනදා රාත්‍රියේ මෙම හදිසි වැටලීම සිදු කර ඇත. මෙම සෝදිසි කිරීමේදී හමු වූ ජංගම දුරකතන සහ සිම්පත් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇත.

අදාළ ජංගම දුරකතන සහ සිම්පත් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසිය වෙත භාර දීමට කටයුතු යොදා ඇත.