පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

උත්සව සමයේ ප්‍රධාන නගර ආශ්‍රිතව රථවාහන නවතා තැබීමේ දී සැළකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.

අවිධිමත් ලෙස රථවාහන නතරකර යාම හේතුවෙන් පසුගිය දින කිහිපයේ ප්‍රධාන නගර ආශ්‍රීතව දැඩි රථවාහන තදබදයක් පැවතුන බව පොලිසිය සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ අවිධිමත් ලෙස වාහන නතර කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

Share This