පාසල් නිවාඩු කාලය සංශෝධනය කෙරේ

පාසල් නිවාඩු කාලය සංශෝධනය කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල් දැමීමට තීරණය කිරීමෙන් පසු පාසල් නිවාඩු කාලය සංශෝධනය කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව, අප්‍රේල් 17 වැනිදා ආරම්භ වන පාසල් වාරය මැයි 29 වැනිදා දක්වා පැවැත්වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, නව පාසල් කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවයි.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා ආරම්භ වන අතර එය ජුනි 8 වැනිදා දක්වා පැවැත්වේ.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම ප්‍රමාද වීම හේතුවෙන් 2022 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගය කල් දැමූ බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

Share This