ඉන්දියාවේ ළමා රෝහලක ගින්නක් – අලුත උපන් බිලිඳුන් 7 ක් මරුට

ඉන්දියාවේ ළමා රෝහලක ගින්නක් – අලුත උපන් බිලිඳුන් 7 ක් මරුට

ඉන්දියාවේ දිල්ලි ළමා රෝහලක නොමේරූ ළඳරු ඒකකයක ඊයේ (25) රාත්‍රියේ ඇති වූ ගින්නකින් අලුත උපන් බිලිඳන් 7 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ රාත්‍රී 11.32 ට පමණ දිල්ලි හි විවේක විහාර් හි ළමා රෝහලක එම ගින්න හටගෙන ඇති අතර ගිනි නිවන භටයන් වහා මැදිහත් වී බිලිඳන් 12 දෙනකු බේරාගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

බේරාගත් අලුත උපන් බිළිඳුන් නැගෙනහිර දිල්ලි හි වැඩි පහසුකම් සහිත රෝහලක් වෙත මාරු කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මෙන්ම ඉන්දීය ජනාපධිතිනිය මුර්මු ද ශෝකය පළ කර ඇත.