නිදහස් දින පෙළපාලියෙන් පොලිස් කණ්ඩායම් ඉවත් වෙයි

නිදහස් දින පෙළපාලියෙන් පොලිස් කණ්ඩායම් ඉවත් වෙයි

හැත්තෑහය වැනි නිදහස් දින රාජ්‍ය උත්සවයේ පෙළපාලියෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හදිසියේම ඉවත් කර ගැනීමට අද (31) පෙරවරුවේ කටයුතු කර ඇතැයි වාර්තාවේ.

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් දෙකම අද පෙරවරුවේ පැවති අවසන් පුහුණු සැසියෙන් ඉවත් වූ බවත් පොලිස් අශ්වාරෝහක කණ්ඩායම පෙළපාලියේ ඉවත් කිරීමේ සිද්ධියක් මෙයට හේතු වී ඇති බවත් වාර්තාවේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතාගෙන් පැවසුවේ එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

Share This