හත්දෙනෙකුට ජීවිතය දී මෙලොව හැරගිය විහඟනා ට වාණිජ අංශයෙන් A 3ක්

හත්දෙනෙකුට ජීවිතය දී මෙලොව හැරගිය විහඟනා ට වාණිජ අංශයෙන් A 3ක්

පුද්ගලයන් හත්දෙනකුට අවයව දන්දී ජීවිතය දුන් කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ සිසුවිය මෙවර උසස් පෙළ විභාගයේ වාණිජ විෂය ධාරාවෙන් A සමාර්ථ තුනක් හිමි කරගෙන තිබෙනවා.

ඇය වානිජ අංශයෙන් A සාමාර්ථ 3ක් ලබාගෙන තිබෙන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 176 වැනි ස්ථානයත්, දිවයිනෙන්ම 2256 වැනි ස්ථානයත් හිමි කර ගෙන තිබේ.

ඇයගෙන් ලබා ගත් හදවත සහ පෙණහලු රෝගියකුට බද්ධ කෙරිණි. මේ අවයව දෙකම බද්ධ කරනු ලැබුවේ හෘදය සහ පෙණහලු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයක පසුවූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීමද විශේෂත්වයකි.

මීට අමතරව ඇයගෙන් ලබා ගත් වකුගඩු දෙකද අසාධ්‍ය රෝගීන් දෙදෙනකුට සාර්ථකව බද්ධ කර තිබූ අතර, ඉන් එක් වකුගඩුවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට සාර්ථකව බද්ධ කර තිබිණි.

ඇයගෙන් ලබා ගත් අක්මාව සහ අක්ෂි පටලද තවත් පුද්ගලයන් තිදෙනකුට ලබා දී ඇත.

Share This