පිටිගල ද්විත්ව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

පිටිගල ද්විත්ව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට දී වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ දහවල් කාලයේදී ඇල්පිටිය පොලිස් වසමේ කහදූව ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු කහදුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පදිංචිකරුවෙකි.

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 250ක් ද සොයාගෙන ඇත.

මෙම වෙඩිතැබීමට සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනක් පසුගිය 16 වනදා තල්ගස්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම අපරාධය සැලසුම් කරන ලද සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බව පොලීසිය පවසයි.