මහ බැංකු වැටුප් කල්දාන්න මුදල් කමිටුවේ නිර්දේශයක්

මහ බැංකු වැටුප් කල්දාන්න මුදල් කමිටුවේ නිර්දේශයක්

පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවට අද (20) නිර්දේශ කළේය.

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එම කමිටුව විසින් සකස් කළ වාර්තාවේ නිර්දේශ වල මෙය දැක්වෙයි.

එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේවෙතත්, තම සියයට 70ක වැටුප් වැඩි කර ගැනීමෙන් සියයට 25ක් අඩු කර ගැනිමට මහ බැංකුව මේ වන විට තීරණය කර තිබේ.