වෘත්තීය සමිති දෙකක කඹ ඇදිල්ලෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට යතුරු පැදි අහිමිවේ

වෘත්තීය සමිති දෙකක කඹ ඇදිල්ලෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට යතුරු පැදි අහිමිවේ

ලෝක බැංකුව විසින් මෙරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යතුරුපැදි (ස්කූටර්) ලබා දීමට සියලු කටයුතු සුදානම් කර තිබියදී එම නිලධාරින් නියෝජනය කරන වෘත්තීය සමිති දෙකක නියෝජිතයන්ගේ කඹ ඇදිල්ල හේතුවෙන් එම යතුරුපැදි ලබා ගැනීමට නොහැකි වු බව ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ විශේෂ වෛද්‍ය දිපිකා ආටිගල මහත්මිය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ,පීඑස් එස් පී , ව්‍යාපෘතිය යටතේ එම ප්‍රවාහන පහසුකම් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු ඉටුකර තිබුණද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන්ට සම්බන්ධ වෘත්තීය සමිති දෙකක නියෝජිතයින් අදාළ මිලදී ගැනීමේ කමිටු නියෝජනය කළ බවත් එම නියෝජිතයින් යම් යම් කරුණු වලදී දෙපසකට බෙදී අදහස් හුවමාරු කරගැනීම හා එකගතාවයකට නොපැමිණීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බව ඇය කීවාය.