මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කරයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කරයි

ඇල්පිටිය, කරන්දෙණිය, පතිරාජ මාවත ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

කුරුඳුගහ හැතැක්ම අධිවේගී පිවිසුම පිටුපස පිහිටි ඔහුගේ නිවසේදී අද (26) උදෑසන 7.05ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, කරන්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කරන දීපාල් රොෂාන් කුමාර නැමැති 51 හැවිරිදි තිදරු පියෙකි.

එමෙන්ම, මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර 9ක ගිනි අවියක් භාවිතා කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.