චරිත් අසලංකට විස්සයි විස්ස නායකත්වය

චරිත් අසලංකට විස්සයි විස්ස නායකත්වය

ශ්‍රී ලංකා – බංග්ලාදේශ 20යි 20 තරගාවලියේ පළමු තරග දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා 20යි 20 උප නායක චරිත් අසලංකට පැවරීමට නියමිත බව වාර්තා වේ.

ඒ වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තරග දෙකක තහනමක් පනවා තිබීම හේතුවෙනි.

ඇෆ්ගනිස්තාන පිල සමග පැවති 3 වැනි සහ අවසන් 20යි 20 තරගයේදී විනිසුරු ලින්ඩන් හැනිබල් ලබාදුන් තීන්දුවකට විරෝධය පළකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා 20යි 20 නිත්‍ය නායක වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පසුගියදා කටයුතු කළේය.

ඒ අනුව මාර්තු 4 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වීමට නියමිත 20යි 20 තරගාවලියේ පළමු තරග දෙක වනිඳු හසරංගට අහිමිවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට පැවරෙනු ඇති බව වාර්තා වේ.

පළමු තරග දෙක සඳහා වනිඳු වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබේ.