දෙවන පාසල් වාරයේ පළමු අදියර අද ඇරැඹේ

දෙවන පාසල් වාරයේ පළමු අදියර අද ඇරැඹේ

2023 වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අද (24) ආරම්භ වීමට නියමිතය.

එය අගෝස්තු 17 වන දා දක්වා ක්‍රියාත්මකයි.

එම පාසල්වල පළමු පාසල් වාරය පසුගිය සිකුරාදා දිනෙන් අවසන් වුණි.

ඒ අනුව, දෙවන පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු 18 සිට අගෝස්තු 27 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු 28 සිට ඔක්තෝබර් 27 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත බවයි, අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

තුන්වන වාරයේ පළමු අදියර ඔක්තෝම්බර් 30 වන දා සිට නොවැම්බර් 24 දින දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර දෙවන අදියර ලබන වසරේ ජනවාරි පළමුවන දා සිට පෙබරවාරි 16 වන දා දක්වා ක්‍රියාත්මකයි.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිතය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.