ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පි ජී. ආර්. පෙරේරා මහතා අද (01) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

වර්ෂ 1939 උපන් ඒ මහතා මිය යනවිට 83 වැනි වියේ පසුවිය.

සිනමාව, වේදිකාව සහ රූපවාහිනියේ එකසේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා විශිෂ්ට රංගන වෙනුවෙන් සම්මාන රැසක් හිමිකරගත් රංගන ශිල්පියෙකි.

රූපවාහිනියට නැතුවම බැරි රංග ශිල්පියෙක් වූ ඒ මහතා ටෙලිනාට්‍ය ඇතුළු වැඩසටහන් 600 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා තිබේ.

එමෙන්ම ඔහු ඉන්දියානු, ඇමරිකානු සහ ජර්මානු චිත්‍රපට තුනක් ඇතුළත් විදේශීය චිත්‍රපට හයකට රංගනයෙන් දායක වී තිබේ.

 

Share This