තෙල් මිල අඩු උනත් බස් ගාස්තු වල වෙනසක් නෑ – ගැමුණු

තෙල් මිල අඩු උනත් බස් ගාස්තු වල වෙනසක් නෑ – ගැමුණු

ඩීසල් මිල රුපියල් 15කින් පහත දැමූවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පොදු ප්‍රවාහන සේවය ගුණාත්මක සේවයක් කිරීමට අමාත්‍යවරයා කිසිදු පියවරක් මේ වන තෙක් ගෙන නොමැති බවයි.

මේ අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩු වුවද පොදු ප්‍රවාහන බස් ගාස්තු අඩු නොවන බවත් බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල සියයට 4 කට වඩා වැඩි ප්‍රතිශතයකින් අඩුවිය යුතු බව ජාතික ගමනා ගමන කොමිසමේ නිලධාරීන් පවසයි.

 

Share This