IOC ඉන්ධන මිලත් පහළට

IOC ඉන්ධන මිලත් පහළට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 135කින් ද අඩුකර ඇත

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රු 333ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රු 330 කි

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 365කි.

ඩීසල් ලීටරයක් රුපියල් 15කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 310කි.