මාවනැල්ල පෙරහැරේ අලි කලබලය

මාවනැල්ල පෙරහැරේ අලි කලබලය

මාවනැල්ල නගරයේ පැවති වෙසක් පෙරහර අවසානයේ ඇතකු කුලප්පුවී තිබෙනවා.

එලෙස කුලප්පූ වූ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇත්ගොව්වා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

එම සත්වයා මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් රාජා නම් හස්තියා බව වාර්තා වේ.

පෙරහර අවසානයේ ඊයේ රාත්‍රීයේ 8.00 පමණ එම සිදුවීම වාර්තා විය.

කුලප්පු වූ ඇතා මාවනැල්ල නගරය දෙසට පැමිණ ඇති අතර, දැඩි පරිශ්‍රමයකින් අනතුරුව සත්වයා අල්ලා විශේෂ ආරක්ෂාවක් යටතේ මාවනැල්ල පොළ භූමියේ මේ වන විට රඳවා තිබෙනවා.