කෙහෙළිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

කෙහෙළිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

සාහසික ඉමියුනොග්ලොබියුලීන් අපරාදය සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගත වී සිටින කෙහෙළිය රඹුක්වැල්ල තමන් මෙතෙක් දරමින් සිටි පරිසර අමාත්‍ය ධූරයෙන් අද (06) ඉල්ලා අස් වී තිබේ.

ජනාධිපතිවරයා වෙත ඒ සම්බන්ධව ලිපියක් යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයා එම ලිපිය පිළිගෙන ඇති බවත් ජනාධිපතිවරයාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

හිස්වූ පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගෙන තිබේ.

පසුගිය (02) දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

එහිදී අමාත්‍යවරයා පෙබරවාරී 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Share This