IPL අවසන් මහා තරගය අද

IPL අවසන් මහා තරගය අද

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (26) පස්වරු 7.30ට චෙන්නායිහිදී ආරම්භ වීමට නියමිතයි.

එහිදී කොල්කටා නයිට්රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

IPL තරගාවලියක අවසන් මහ තරගයට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සුදුසුකම් ලබන්නේ තුන්වන වතාවටයි.

මූලික වටයේදී කොල්කටා කණ්ඩායම තරග 14කට මුහුණ දෙමින් ඉන් තරග 09ක් ජයගෙන ඇති අතර සන්රයිසස් කණ්ඩායම තරග 14කට මුහුණ දී ඉන් තරග 08ක් ජයගෙන තිබේ.

එහි හිමිකාරීත්වය කලානිධි මාරන් විසින් දරන අතර කොල්කටා කණ්ඩායමේ හිමිකාරීත්වය ශාරුක් ඛාන් විසින් දරනු ලබයි.