එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහ සමුළුව අද

එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහ සමුළුව අද

එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව අද (01) සවස 03 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රට බංකොලොත් බවට පත්කිරීම හේතුවෙන් පීඩා විඳින ජනතාවගේ දුක නිවන ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ යනුවෙන් නම් කළ එම පෙරමුණේ වැඩපිළිවෙළ මෙහිදී ජනගත කෙරෙන බව සඳහන්.

මේ අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.