ඔන්ලයින් ක්‍රමයට මෙරටට ගෙන්වා අලෙවි කළ ඉලෙක්ට්‍රොනික සිගරට් ජාවාරමක් වලයි

ඔන්ලයින් ක්‍රමයට මෙරටට ගෙන්වා අලෙවි කළ ඉලෙක්ට්‍රොනික සිගරට් ජාවාරමක් වලයි

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ නීතිවිරෝධී ලෙස මෙරටට ඉලෙක්ට්‍රොනික් සිගරට් ගෙන්වා අලෙවි කළ ජාලයක් වැටලීමට ජා-ඇළ සුරාබදු ඒකකය සමත්වී තිබේ.

එහිදී පානදුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

ජා-ඇළ සුරාබදු අධිකාරී ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රුපියල් ලක්ෂ 30ක ඊ සිගරට් තොගයක් මෙලෙස වටලා ඇති බවත් ඉන් රුපියල් කෝටි 10ක බදු ආදායමක් රජයට අහිමිවී ඇති බවත් ය.

මෙම ඊ සිගරට් සඳහා තරුණ ප්‍රජාව සහ දරුවන් වැඩි වශයෙන් ඇබ්බැහි වෙමින් ඇති බවත් මෙය භයානක තත්ත්වයක් බවත් ඔහු පැවසීය.

ජා-ඇළ සුරාබදු අධිකාරී ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා

“මෙය දුම්වැටිවලට වඩා දරුණු ඇබ්බැහිකාරකයක්. ඊ සිගරට් බොනවා කියලා හොයා ගන්නවත් බැහැ. විවිධ සුවඳවල් තමයි නිකුත් වෙන්නේ.

මෙවැනි සුවඳක් ඔබේ දරුවා ළඟින් එනවා නම් කරුණා කරලා සොයා බලන්න.

මෙම ඊ සිගරට් විවිධ ආකාරයට නිෂ්පාදනය කරලා තියෙනවා. ඇතැම් විට අතේ බඳින ස්මාර්ට් වොච් එකක් ආකාරයෙන්, කරේ දාන පටියක් ආකාරයෙන් ආදී වශයෙන් පැහැදිලිව හඳුනාගන්න බැරි ආකාරයට නිෂ්පාදනය කර තිබෙනවා.”

 

Share This