රෝහල් 70ක සෞඛ්‍ය සේවකයින් අද උද්ඝෝෂණයක

රෝහල් 70ක සෞඛ්‍ය සේවකයින් අද උද්ඝෝෂණයක

“සෞඛ්‍යයට අසාධ්‍යයි. රෝගී ජීවිත අනතුරේ “ යන මැයෙන් දිවයිනපුරා රෝහල් 70ක් ඉදිරිපිටදී අද දහවල් 12.00 සිට පුරා පැයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බහුතරයක් වන වෘත්තීය සමිති නියෝජිතයින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

ජනතාවට බාල බෙහෙත් පෙවීම, හදිසි මිලදී ගැනීම් වලදී සිදුවන වංචා දුෂණ හා අක්‍රමිකතාවන් වහාම නතර කිරීම, රෝහල්වල උපකරණ දිගින් දිගටම අක්‍රීය වීම හේතුවෙන් රෝගී පරික්ෂණ ඇනහිටීම, ඖෂධ හිඟය ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පවතින ගැටලු ගණනාවක් මුල් කර ගනිමින් ඒම ගැටළු සඳහා ඩිනම් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම උද්ඝෝෂණ ආරම්භ කළ බව සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය හා රෝගීන්ගේ ජීවිත රැක ගැනීමේ අරමුණින් ආරම්භකරන වැඩ සටහනේ මුල්ම පියවර මෙම උද්ඝෝෂණය බව ද හෙතෙම පැවසුවේය.

මෙම උද්ඝෝෂණයන් සඳහා සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන් හී වෘත්තීය සමිති නියෝජිතයින්, බහුජන සංවිධාන, ආගමික නායකයින්, සිවිල් සංවිධාන ඇතුලු කණ්ඩායම්වලටද ආරාධනා කර ඇති බවද ඔවුන්ද සහභාගි වීමට නියමිත බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර කීවේය.

Share This