ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිකම යළි පාඨලීට

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිකම යළි පාඨලීට

ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් නැවත වතාවක් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (20) නිතරඟයෙන් තේරී පත්වී තිබේ.

ක්‍රම සහ විධි පිළිබඳ කාරකසභා සාමාජිකයන් වන ලසන්ත අලගියවන්න, වසන්ත යාපා බණ්ඩාර, අනුරාධ ජයරත්න, ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න, සිසිර ජයකොඩි, උදයන කිරිඳිගොඩ, සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණය අනුව සභාපති තනතුර සඳහා වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා කර ඇති අතර ලසන්ත අලගියවන්න මහතා විසින් එම යෝජනාව ස්ථිර කර තිබේ.

එමෙන්ම, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෙකු වශයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පත්කර තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අනුමැතියට යටත්ව ඒ මහතා මෙම කාරක සභාව සඳහා තෝරා පත්කර ගත් බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් අද (20) දින පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.