ලංගම පෞද්ගලීකරණය වෙන ලකුණු

ලංගම පෞද්ගලීකරණය වෙන ලකුණු

2024 වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ නොලබන්නේ නම් එයද පෞද්ගලීකරණය කිරීමට සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පෞද්ගලීකරණය වීමේ අවදානම වළක්වා ගැනීම සඳහා ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත් කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරි වසර තුළ ඩිජිටල් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට ලංගම සැලසුම් කර ඇති බව ද ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවා.

ලංගම තුළ සිදුවන වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා බස්නාහිර පළාත භාර පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

Share This