විදුලි පාරිභෝගිකයන්ට ඉලෙක්ට්‍රොනික බිල්පතක්

විදුලි පාරිභෝගිකයන්ට ඉලෙක්ට්‍රොනික බිල්පතක්

විදුලි පාරිභෝගිකයන්ට ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් මාසිකව නිකුත් කළ බිල්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පතක් නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

එම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට විදුලි පාරිභෝගිකයාගේ ගිණුම් අංකය සහ භාවිතා කර ඇති විදුලි ඒකක ගණන මනු කියවන්නා විසින් ඇතුලත් කිරීමෙන් පසු එම මසට අය විය යුතු සම්පුර්ණ මුදල සහ හිඟ මුදලක් ද ඇතොත් එය ද සටහන් වී බිල්පත මුද්‍රණය වන බව පැවසේ.

විදුලි පාරිභෝගිකයාගේ නව ක්‍රමයට බිල්පතක් ලබාදිමේ දී මාර්ග ගත ක්‍රමයට බිල්පත් ගෙවා ඇත්නම් එම බිල්පත් ද නව බිල්පතින් අඩු වී එම ගෙවීම ද මෙම බිල්පත මගින් විදුලි පාරිභෝගිකයාට දැන ගැනීමට හැකියාව ඇත.

 

Share This