අන්තර්ජාතික ජ්‍යෙෂ්ඨයින්ගේ ලෝක ශූරතා පාපන්දු තරඟාවලියේ කිරුළ ලංකාවට

අන්තර්ජාතික ජ්‍යෙෂ්ඨයින්ගේ ලෝක ශූරතා පාපන්දු තරඟාවලියේ කිරුළ ලංකාවට

ඉන්දියාවේ පැවති 09 වන අන්තර්ජාතික ජ්‍යෙෂ්ඨයින්ගේ ලෝක ශූරතා පාපන්දු ශූරතා තරගාවලියට පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ” ඕල්ඩ් බෙන්සන් ජ්‍යෙෂ්ඨ ” කණ්ඩායම , එම තරගාවලියේ ශූරතාවය දිනා අද 03/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඉන්දියාවේ බැංගලෝර් නුවර 03/17 දින පැවති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව , ඉන්දියාව , මැලේසියාව , නෝර්වේ , දකුණු අප්‍රිකාව සහ එංගලන්තය සහභාගී වී තිබුණි .

අවසාන මහා තරගය ශ්‍රී ලංකාවේ ඕල්ඩ් බෙන්ස් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම ජ්‍යෙෂ්ඨ කණ්ඩායම සමග නෝර්වේ කණ්ඩායම අතර පැවති අතර එහිදී නෝර්වේ කණ්ඩායම 2 – 1 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වී තිබුණි .

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා ඕල්ඩ් බෙන්ස් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම 03/20 දින අලුයම 01.25 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා සාන්ත බෙනඩික් විදුහලේ විදුහල්පති ආචාර්ය පුබුදු රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .