පළාත් පාලන පනත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

පළාත් පාලන පනත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් වල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (08) දැනුම් දුන්නේය.

එසේ හෙයින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත.

මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසිනි.

Share This