කඳානේ කර්මාන්ත ශාලාවක ගින්නකින් අයෙක් මරුට

කඳානේ කර්මාන්ත ශාලාවක ගින්නකින් අයෙක් මරුට

කඳාන වීදි මාවත ප්‍රදේශයේ රසායනික කර්මාන්ත ශාලාවක අද (08) උදෑසන හටගත් හදිසි ගින්නකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඔහු අදාළ කර්මාන්ත ශාලාවේ ගිණුම් අංශයේ සේවය කර ඇති බව සඳහන්.

වෙනත් පුද්ගල මරණ හෝ තුවාල සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ හමුදාව මේ වනවිටත් එම ස්ථානයට පැමිණ සිටින බව වාර්තා වේ.

Share This