කළුතර සිසුවියගේ අභිරහස් මරණයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

කළුතර සිසුවියගේ අභිරහස් මරණයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

අභිරහස් ලෙස මියගොස් සිටි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිසුවියව හෝටලය වෙත රැගෙන ආ මෝටර් රථයේ රියදුරු ව බව වාර්තා වේ.

මීට පෙර එම සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ඇය සමග හෝටලය වෙත පැමිණි යුවළද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් තිදෙනාම ඊයේ (07) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනකු සහ තරුණියක් සමඟ ප්‍රදේශයේ හෝටලයකට පෙරේදා (06) පස්වරු 6.30ට පමණ පැමිණ ඇති බවය.

පසුව ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර අදාළ හෝටලයෙන් කාමර දෙකක් වෙන්කරගෙන තිබේ.

එලෙස කාමර දෙකක් වෙන්කරගෙන ඒ වෙත ගමන් කළද සිව්දෙනාම එක් කාමරයක සිට මත්පැන් පානය කරන බව හෝටල් සේවකයෙකු දැක ඇත්තේ ඒ අතරතුරය.

පසුව අදාළ පිරිසෙන් එක් තරුණියක් සහ තරුණයෙක් හෝටලයෙන් පිටත්ව ගොස් තිබුණි.

ඉන් මිනිත්තු 20කට පමණ පසු අනෙක් තරුණයාත් කලබලයෙන් මෙන් හෝටලයෙන් පිටතට යන අයුරු සේවකයන් දැක තිබේ.

අනතුරුව අදාළ හෝටලයට ආහාර ලබාගැනීමට පැමිණි අයෙකු හෝටලයට යාබඳ දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින බවට හෝටල් කාර්ය මණ්ඩලයට පවසා තිබේ.

ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඒ වන විටත් අදාළ තරුණිය මියගොස් ඇති බවය.

Share This