පෙළපොත් හෝ නිල ඇඳුම් රෙදි නොලැබුණු පාසල් වලට කතා කරන්න අංකයක්

පෙළපොත් හෝ නිල ඇඳුම් රෙදි නොලැබුණු පාසල් වලට කතා කරන්න අංකයක්

තවමත් පාසල් පෙළපොත් හෝ නිල ඇඳුම් රෙදි නොලැබුණු පාසලක් ඇත්නම් වහාම දැනුම් දෙන්නැයි, අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

2024 වර්ෂය සඳහා පාසල් වෙත බෙදාහැරීමට පාසල් පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලුම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත මේ වන විට ලබා දී අවසන්.

මෙතෙක් නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබඳ පහත දුරකථන / ‍ෆැක්ස් / ඊමේල් මගින් දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ ‍විදුහල්පතිවරුන් වෙත දන්වා සිටිනවා.

පෙළ පොත් සඳහා – දුරකථන අංක 011-27848158 / 0112785306
ෆැක්ස් අංකය – 0112784815
විද්‍යුත් ලිපිනය – [email protected]

නිල ඇඳුම් රෙදි සඳහා – දුරකථන අංක – 0112785573
ෆැක්ස් – 0112785573

Share This