නිදහස් පෙරහුරුව අතරතුර පැරෂුට් භටයින් 4 ක් අනතුරක

නිදහස් පෙරහුරුව අතරතුර පැරෂුට් භටයින් 4 ක් අනතුරක

නිදහස් දිනය නිමිත්තෙන් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන පැරශුට් පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබේ.

පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ පැරෂුට් භටයින් දෙදෙනා කොළඹ ජාතික රෝහල වෙතයි, ඇතුළත් කර ඇත්තේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් බව මෙලෙස අනතුරට පත්ව තිබේ.