සජබ විරෝධතාවට වාරණ නියෝගයක්

සජබ විරෝධතාවට වාරණ නියෝගයක්

සමගි ජන බලවේගය මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ සංවිධානය කරන උද්ඝෝෂණය හා පෙළපාළිය මගින් මහජන පීඩාවන් සිදුවීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වාරණ ආඥාවක් අද (30) නිකුත් කළේය.

මාලිගාවත්ත පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ පොලිස් බල ප්‍රදේශය තුළ මාර්ග අවහිරවීම මහජනතාවට පීඩා වැළැක්වීම හා රජයේ කටයුතුවලට බාධා සිදුවීම වළක්වමින් මෙම ආඥාව නිකුත් කළේය.

ඒ අනුව, එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජිබර් රහුමාන්, මැද කොළඹ සංවිධායක අප්සරා අමරසිංහ, සමගි ජන බලවේග ක්‍රියාකාරී සමාජිකයින් සහ ක්‍රියාකාරී කාන්තා සංවිධාන ඇතුළු රැළියට සහභාගී වන සියලු සාමාජිකයින් වෙත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය නික්තු කර ඇත.

ඒ අනුව, ඉහත වගඋත්තරකරුවන්ට හා ඔවුන්ගේ අනුගාමිකයින්ට මාලිගාවත්ත පොලිස් වසමේ මුස්ලිම් කනත්ත අසල සිට ප්‍රදිපා මාවත, ජයන්ත වීරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත හා ජුම්මා හන්දිය හරහා සංඝරාජ වටරවුම ඔස්සේ සංඝරාජ මාවත භාවිත කරන පුද්ගලයින්ට අවහිර වන ලෙස ගමන් කිරීම තහනම් වේ.

මේ අතර, කුරුදු වත්ත පොලිස් බල ප්‍රදේශයේ සංවිධානය කරන සමගි ජන බලවේගයේ පා ගමනට වාරණ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් කුරුඳු වත්ත පොලිසියේ පොලිසි ස්ථානාධිපතිවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Share This