ඩෙල්ෆ්ට් පංච පුද්ගල ඝාතනයට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

ඩෙල්ෆ්ට් පංච පුද්ගල ඝාතනයට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

යාපනයේ ඩෙල්ෆ්ට් අකුරුතුරෙයි ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කපා කොටා ඝාතනය කළ පුද්ගලයින් පස් දෙනෙකුගේ මළ සිරුරු පහක් පොලිසිය විසින් සොයා ගැනීමෙන් පසුව එම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන එක් පුද්ගලයෙකු පොලීසිය විසින් ඊයේ (22) අත් අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා ඝාතනය සිදු වූ නිවසේම කලක් නතර වී සිටි පුද්ගලයෙකුවන අතර ඔහුව ජර්මනියෙන් පිටුවහල් කිරීමෙන් පසුව යළි යාපනයට පැමිණ තිබේ.

මේ තත්ත්වය මත ඔහු මානසික රෝගියෙකු බවට පත්ව සිටි අතර නිතරම ඔහු මෙම නිවසට ආගිය අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ්ට් පොලීසිය මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.

නිවසේ සිටි හය දෙනාගෙන් පස් දෙනෙකුම ඝාතනයට ලක් වී සිටි අතර එක් කාන්තවක් පමණක් බරපතල ලෙස තුවාල ලබා
යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

බරපතල ලෙස තුවාල ලබා සිටින කාන්තාව වයස අවුරුදු 100 ක් පමණ වන කනකම් පූර්ණී නැමති වයෝවෘද්ධ කාන්තාවකි.

මරණයට පත්ව සිටින සියලුම දෙනා වයස අවුරුදු 75 ඉක්මවන ලද අය වන අතර ඔවුන්ව ලන්ඩන් පුරවැසියෙකු වන වේලායුදම්පිල්ලේ නාගේන්ද්‍ර රත්නම් (78), නාගනාධි බාලසිංහම් (82), බාලසිංහම් කන්මනිපිල්ලේ (76), කාර්තිකේසු නාගේශ්වරී (83), යාපනයේ පදිංචිව සිටි මහාදේවන් (අවුරුදු 75) වශයෙන් හදුණාගෙන තිබේ.

Share This