අද ඩොලරයේ සිදුවූ වෙනස

අද ඩොලරයේ සිදුවූ වෙනස

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (26) සුළු වෙනස් වීමක් සිදුව තිබේ.

ඒ අනුව, අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රු. 299.83 ක් ලෙස හා විකුණුම් මිල රු. 314.92 ක් ලෙසයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

මේ අතර, පසුගිය සතියට සාපේක්ෂව අද (26) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 299.74 – රු. 317.47

සම්පත් බැංකුව – රු. 300.00 – රු. 315.00

කොමර්ෂල් බැංකුවේ – රු. 298.67 – රු. 316.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 316.00

සෙලාන් බැංකුව – රු. 298.00 – රු. 314.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.50 – රු. 313.00

එන්.ඩී.බී. (NDB) – රු. 298.00 – රු. 313.00

අමානා බැංකුව – රු. 303.00 – රු.313.00

ලංකා බැංකුව – රු.300.50 – රු. 314.92

Share This