පළාත් පාලන ආයතන යළි කැඳවීමේ කෙටුම්පතට එරෙහිව පැෆරල් අද අධිකරණයට

පළාත් පාලන ආයතන යළි කැඳවීමේ කෙටුම්පතට එරෙහිව පැෆරල් අද අධිකරණයට

පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතට එරෙහිව අද දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙම පනත් කෙටුම්පත මගින් පැහැදිළිව ආණඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පෙනී යන බවයි.

යම් හෙයකින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් එය වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මෙහිදී පෙන්වා දුන්නා.

Share This