සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්

සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙයි.

2022 සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වැනි දින සිට විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත් වූ අතර විභාගය සඳහා අයදුම්කරුවන් 472,553 ක් පෙනී සිටියහ.

ඒ පාසල් 394,450 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 78,103 ක් ලෙසයි.

අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් යම් යම් සංකූලතා ඇති වුවද මෙවර විභාගය සාර්ථක අන්දමින් පැවැත්වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

උත්තරපත්‍ර ඇගයීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share This