15 හැවිරිදි දැරියක් ව පෙම්වතා විසින් පැහැරගනී

15 හැවිරිදි දැරියක් ව පෙම්වතා විසින් පැහැරගනී

මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් ඇයගේ පෙම්වතා විසින් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

එම තරුණයාද ඕපාත ප්‍රදේශයේම පදිංචි කරුවෙකු බවයි වාර්තා වන්නේ.

දෙදෙනා අතර ප්‍රේම සබඳතාවයක් තිබී ඇති අතර බාල වයස්කාර පෙම්වතිය එම සබඳතාවය බිඳ දැමීම හේතුවෙන් අදාළ තරුණයා සිය නැන්දනිය සහ තවත් දෙදෙනෙකු සමග ඉකුත් අප්‍රේල් මස 10 වනදා ඇගේ නිවසට පැමිණ තර්ජනය කර තිබු බව වාර්තා වෙයි.

විදෙස්ගතව සිටින දැරියගේ මවට සිද්ධිය පිළිබඳ දැනුම්දීමත් සමග දැරිය මොනරාගල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක නතර කිරීමට මව කටයුතු කර තිබුණාය.

කෙසේවෙතත්, අදාළ තරුණයා අප්‍රේල් 12 වනදා වැල්ලවායේ ඥාති නිවසට පැමිණ බාල වයස්කාර දැරියව බලහත්කාරයෙන් රැගෙනගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වු පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවටයි, දැරියගේ මව චෝදනා කරන්නේ.

වැල්ලවාය පොලිසිය විසින් මේ සම්බන්ධව පරීක්ෂණ අරඹා ඇති අතර මේ වන තෙක් එම දැරිය සම්බන්ධව තොරතුරක් වාර්තා වී නොමැති බවයි, පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

Share This