අද දිනයේ බස් ධාවනය අතිශය සීමිත වෙයි

අද දිනයේ බස් ධාවනය අතිශය සීමිත වෙයි

අලුත් අවුරුද්ද යෙදෙන අද (14) දිනයේ බස් රථ ධාවනය අතිශය සීමා සහිත වන බව ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

නොනගතය අද උදෑසන ආරම්භ වන බැවින් යළි නැකත් වේලාවන් පසුවන තුරු බස් ධාවනය අතිශය සීමාවනු ඇති බවටයි ප්‍රකාශ කෙරුණේ.

වැඩ ඇල්ලීමේ නැකතින් පසුවද බස් රථ ධාවනය මගී අවශ්‍යතාව මත පමණක් කොළඹ සිට පිට පළාත් දක්වා සිදුවනු ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ, බස් රථ 25ක් හෝ 30ක් පමණ ධාවනය වීමට ඉඩ ඇති බවයි.

COMMENTS