අස්වැසුමෙන් තවත් පිරිසකට වාසියක්

අස්වැසුමෙන් තවත් පිරිසකට වාසියක්

පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය බැංකු නියෝජිතයන් සමඟ අස්වැසුම වැඩසටහන තවදුරටත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අදාළ ඉදිරි කටයුතු පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ දී පැවති සකචජවකදීය.

ඒ අනුව එම යෝජනාව ජානාධිපතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අස්වැසුම හරහා මේ වන විටත් පවුල් ලක්ෂ 14ක් ප්‍රතිලාභ ලබමින් සිටියි.

ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන ද මෙය සමීපව අධීක්ෂණය කරමින් උපදෙස් දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.