හිමිනමකගේ යැයි සැකකරන මළ සිරුරක් ගාලුමුවදොර වෙරළේ

හිමිනමකගේ යැයි සැකකරන මළ සිරුරක් ගාලුමුවදොර වෙරළේ

ගාලු මුවදොර වෙරළ තීරයේ තිබී ස්වාමීන් වහන්සේ නමකගේ බවට සැක කෙරෙන මෘත ශරීරයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන අයෙකුගේ මළ සිරුරක් වන මෙහි අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරයේ හිස මුඩු කර ඇති අතර ඒ අසල වෙරළේ තිබී අඳනකඩයක් ද හමුවී තිබෙනවා.

වෙරළ තීරයේ පුද්ගල මළ සිරුරක් පාවෙමින් ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ මෙම සිරුර සොයා ගැණුනේ.

මෙය ස්වාමීන් වහන්සේ නමකගේ බවට විමර්ශන නිලධාරීන් සැක කරන අතර මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

කොළඹ කොටුව පොලිසිය වැඩි දුර විමර්ශන සිදුකරයි.