ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පුහුණු තරගය අද

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පුහුණු තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාවේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට තිරුවන්තපුරම් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

තරගයේ කාසියේ වාසිය උරගා බැලීම පස්වරු 1.30ට සිදුකිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවනු ලබන අතර, ඇෆ්ගනිස්තාන කණ්ඩායම හසමතුල්ලා ෂාහිඩී විසින් මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගයෙන් බංග්ලාදේශය කඩුලු 7ක ජයක් ලබාගත් අතර, ඇෆ්ගනිස්තානය සහභාගී වූ දකුණු අප්‍රිකාව සමඟ තරගය වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරග අදින් අවසන් වන අතර 5 වැනිදා එංගලන්තය හා නවසීලන්තය අතර තරගයෙන් ලෝක කුසලාන තරග ආරම්භ වේ.

Share This